දේශීය

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

(UTV | කොළඹ ) – සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ත්‍රී රෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ (10) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී කිසියම් බහින් බස්විමක් සිදුවී ඇත.

මෙහිදී සුනිල් ජයවර්ධනට කිසියම් අයෙකු පොල්ලකින් පහර දී ඇති අතර තුවාල ලැබූ ඔහු කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

බරපතල තුවාල ලබා සිටි 53 හැවිරිදි ඔහු එහිදී මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 45000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරු තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන් – දිලිත් ජයවීර

Editor O

පළමු පාසල් වාරය අදින් අවසන්

Editor O

Leave a Comment