දේශීය

විශ්‍රාමිකයන්ට දැනුම්දීමක්

(UTV | කොළඹ ) – විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවා ගැනීම සදහා පැමිණිමට පෙර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරවාගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දැනුම් දී තිබේ.

දෙපාර්තමේන්තුවට පැමිණෙන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණිමට අපේක්ෂා කරන පිරිස් හට ඊට අදාල දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිසිමෙන් සිදු කළ හැකියි.

එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවා පිළිබද තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ.

එමෙන්ම විශ්‍රාම වැටුප හා සම්බන්ධ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ දෙපාර්තමේන්තුවේ 1970 අංකය අමතා ලබා ගැනීමට උනන්දුවන ලෙසයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැනුම් දෙයි.

Related posts

ජනපතිගෙන් තවත් කමිටුවක්

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

Mohamed Dilsad

Leave a Comment