දේශීයප්‍රමුඛ පුවත 1

රාජිතගේ පෙත්සමට දින නියම වේ

(UTV | කොළඹ ) – අභියාචනාධිකරණය විසින් පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව තමන්ට නියම කරන ලද ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම මේ මස 30 වන දා යළි කැඳවන ලෙස නියම කළේය.

අද (11) මෙම පෙත්සම අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද? යන කාරණය සම්බන්ධයෙන් තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි ලබන 30 වනදා කැඳවන ලෙසත් එදින මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පෙත්සම්කරුගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේය.

අදාල ප්‍රතිශෝධන පෙත්සම තුළින් රාජිත සේනාරත්න කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 30 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඇප මත මුදා හරිමින් නිකුත් කරනු ලැබූ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බවයි.

නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශ කර ඇතැයි ද එතුළින් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Related posts

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

ශ්‍රී.ල.පො.පෙ සැප්තැම්බර් මාසයේදී සන්ධානගත වීමට සුදානම්

Mohamed Dilsad

කාබනික පොහොර සහනාධාරය එළවළු සහ තේ ගොවීන්ට

Mohamed Dilsad

Leave a Comment