දේශීය

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

(UTV | කොළඹ) –  දිවයින පුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16 ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මහ මැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 7 වැනිදා අම්බලන්ගොඩදී පැවත්විය.

ඡන්දදායකයන් දෙසීයකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන මෙම ඡන්ද විමසීම සංවිධානය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම සඳහාය.

කොළඹ නගරයේ නාගරික මහල් හා වතු නිවාස ආශ්‍රිතව ද පෙරහුරු ඡන්ද විමසීම් දෙකක් පවත්වන බව කොමිසම පවසයි.

මේ පෙරහුරු මැතිවරණ සංවිධානය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනටමත් සිය නිලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ ඇති අතර , මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ද ඒ පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යෙදවීමට නියමිතය.

Related posts

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Editor O

ලැගුම්හලට රැගෙන ගිය පෙම්වතිය අලෙවි කළ පෙම්වතා

Mohamed Dilsad

Leave a Comment