දේශීය

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ගේ රාජකාරී දින අඩු කරයි

(UTV | කොළඹ) –  තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දින 6 ක වැඩ සතිය දින 5 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෙනසුරාදා දිනවලදී රාජකාරියට නොපැමිණෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට දැනුම් දී තිබේ.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රට මුහුණ දී ඇති ආර්ථික අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් ඉදිරි මාස 3 සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් අතිකාල දීමනාද ඇතුලුව දිනකට රුපියල් මිලියන 21 ක් වැයවන බව බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අලුත් කරන්න විද්වත් කමිටුවක්

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment