දේශීය

බොල්ගොඩ ගඟේ ගිලීමෙන් කාන්තාවක් මරුට

(UTV |පානදුර ) – බොල්ගොඩ ගග අසල නතර කර තිබූ මෝටර් රථයක් ගගට වැටීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ගල්තුඬේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථයේ සිටි පිරිමි අයෙකු දිවි බෙදා ගෙන ඇති අතර ඔහු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු උතුරු කලූතර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා මෝටර් රථය තුළ කතා බස් කරමින් සිටිය දී එකවරම මෝටර් රථය බොල්ගොඩ ගගට වැටී ඇත.

පසුව ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා පිරිමි පුද්ගලයා බේරා ගත්ත ද කාන්තාව ගොඩ ගැනීමට පැයකට ආසන්න කාලයක් ගත වී තිබූ බව සදහන්.

ඇයගේ මළ සිරුර පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

”මෙතෙක් රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි”

Mohamed Dilsad

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අලුත් ලේකම්වර⁣යෙක්

Editor O

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment