ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි සිට තරඟ සඳහා සුදානම්

(UTV |කොළඹ) – ලබන මාසයේ සිට නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුදානම් වේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු මිකී ආතාර් පවසන්නේ පසුගියදා පැවති පළමු නේවාසික පුහුණු සැසියේදී ඊට අවශය පදනම සකසා ගත් බවයි.

ඒ අනුව ලබන සතියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය තවත් පුහුණූ වැඩසටහනකට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ කලකට පසුව නැවත ප්‍රධාන පුහුණූවීම් ආරම්භ කිරීම තරමක් දුශ්කර වු බවයි.

ඉදිරයේදී ශ්‍රී ලංකා පිල සහභාගී වන ආසන්නතම තරඟමාලාව සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු වි නොමැති බවත් මෙම මාසයට යෙදී තිබු ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයද කල් දමා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 218ක් පසු පසින්

Mohamed Dilsad

මහීෂ් සහ මතීෂ ගැන චෙන්නායි කණ්ඩායම තීරණයක් ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment