දේශීය

දියනෑමට ගොස් අතුරුදන්වූ මනාලයාගේ සිරුර ගොඩට ගනී

(UTV | කොළඹ) – තරුණයන් පස්දෙනෙකු සමඟ ඊයේ (14) දිනයේ කටුකුරුන්ද මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි ලහිරු කසුන් නමැති තරුණයාගේ සිරුර අද සොයාගෙන තිබේ.

ඔහුගේ විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.

පයාගල පොලිස් වසමේ ලංසියාවත්ත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර ,  ප්‍රදේශවාසීන් විසින් සිරුර ගොඩබිම වෙත රැගෙනවිත් තිබුණි.

ඥාති හිතවතුන් දේහය හඳුනාගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පයාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

වැලිකඩ පොලිස් හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමේ නියෝගය හෙට

Mohamed Dilsad

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment