දේශීයප්‍රමුඛ පුවත 1

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

(UTV |කොළඹ ) – මෙරට බිද වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද  එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වාගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා පැවසීය.

ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකුවලට කියා නැති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නව ජනපතිව අමතා සුභ පතයි [VIDEO]

Mohamed Dilsad

ඇදුරු වර්ජනයෙන් සරසවි කටයුතු වලට බාධා

Mohamed Dilsad

Leave a Comment