දේශීය

දිස්ත්‍රික් කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(UTV | කොළඹ ) – රජයේ මුද්‍රණාලය විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික් 05ක ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදී ඇති බව පවසයි.

තවත් දිස්ත්‍රික් 04ක ඡන්ද පත්‍රිකා ඉදිරි දින දෙක තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට නියමිත බව මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේය.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, යාපනය සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

ඉතිරි දිස්ත්‍රික්වල ඡන්ද පත්‍රිකා ද කඩිනමින් මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට පියවර ගන්නා බව ගංගානි ලියනගේ සඳහන් කළේය.

Related posts

වැඩකරන විරුවාගේ දිනය අදයි

Mohamed Dilsad

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියට නව ධූරයක්

Mohamed Dilsad

Leave a Comment