දේශීය

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමේ වැඩසටහනක්

(UTV | කොළඹ ) – රජය විසින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට අඩු පොලියක් යටතේ ණය ලබා දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය පැවසුවේය

ඒ අනුව, රුපියල් ලක්ෂ 2 ක උපරිමයකට යටත්ව 4% ක සහන පොලියක් යටතේ, මෙලෙස ණය ලබා ගැනීමට කුඩා පරිමාණ ව්‍යාපාරිකයිනට අවස්ථාව හිමිවනු ඇති.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය පැවසුවේ, සණස, ග්‍රාමීය බැංකු, සමුපකාර බැංකු සහ සමෘද්ධි බැංකු හරහා මෙම ණය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ බිඳ වැටුණු කුඩා පරිමාණ ව්‍යාපාර යළි නගාසිටුවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව, එම කාර්ය සාධන බලකාය සඳහන් කළේය.

Related posts

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාවක් නම් අමතන්න

Editor O

මාතලේ නගරාධිපතිට ඇප [UPDATE]

Mohamed Dilsad

Leave a Comment