දේශීය

තැපැල් භාණ්ඩ බෙදාහැරීම ඇරඹේ

(UTV | කොළඹ ) – තැපැල් වෘත්තීය සමිති විසින් අතිරේක රාජකාරීවලින් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා තිබේ.

අතිකාල දීමනා සම්බන්ධයෙන් පැවති ගැටලුවක් මුල් කරමිනුයි තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර තැපැල්පතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු තම ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හමුවේ තැපල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට තීරණය කළ බව චින්තක බණ්ඩාර පවසයි.

කොවඩ් – 19 වසංගත තත්වය සහ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ දිවයිනපුරා ඛෙදාහැරීමේ කටයුතු මේ දිනවල කාර්යක්ෂම සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නීතිපති වෙත

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

Editor O

මිලියන ගණනකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරි 2ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment