ව්‍යාපාරික

කුකුළු කෑම ආදේශක ආනයනයට අවසර

(UTV| කොළඹ) –  කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා කුකුළු කෑම නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ වගා නොකරන ආදේශකයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

කුකුළු කෑම සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟය හේතුවෙන් කුකුල් මස් සහ බිත්තර මිල දේශීය වෙළෙඳපොළේ වැඩි වී තිබේ.

බඩ ඉරිඟු ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මකව වෙයි.

දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 500-650 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන අතර , බිත්තරයක මිල රුපියල් විස්ස ඉක්මවයි.

මේ හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා ලංකාවේ වගා නොකරන වෙනත් ආදේශක ආනයන කිරීමට අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කුකුළු මස් සඳහා පාලන මිලක් පනවා ඇති නමුත් , පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ආර්ථිකය

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

ආර්ථික සහයෝගිතාවය දියුණු කිරීමට ජපානය සහ ලංකාව එකඟතාවයකට

Mohamed Dilsad

Leave a Comment