දේශීයව්‍යාපාරික

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

(UTV | කැකිරාව) – කැකිරාව කොල්ලංකුට්ටිගම ප්‍රදේශයේ සහල් පිටි මිශ්‍රකර තත්ත්වයෙන් බාල කහ කුඩු නිෂ්පාදනය කිරීමේ කූට ජාවාරමක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකියාව ලැබී ඇත.

කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ මෙම වැටලීමට කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ද සහය දක්වා තිබිණ.

මෙම ජාවාරම රහසිගත ආකාරයෙන් මෙලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ කොල්ලංකුට්ටිගම ප්‍රදේශයේ ඇඹරුම් හලකයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ එම වැටලීමේදී  ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද එහි නිෂ්පාදනය කර තිබූ බාල තත්ත්වයේ කහකුඩු තොගයක් ද ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගත් අමුද්‍රව්‍ය තොගයක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය පරීක්ෂවරුන් භාරය ගෙන ඇති ද්‍රව්‍ය අතර වියළී කහ කැබැලි කිලෝ 05 ක්, සහල් මිශ්‍රිත වියළි කහ කැබැලි කිලෝ 09 ක්, කහ කුඩු කිලෝ 24 ක්, සහල් පිටි මිශ්‍රිත කහ කුඩු කිලෝ 37 යි, කැකුලු හාල් කිලෝ 50 ක්, කැකුලු හාල් පිටි කිලෝ 07ක් ද වේ.

ජාවාරම සදහා යොදා ගත් ඇඹරුම් හලද මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම අවස්ථාවේදීම කටයුතු කරනු ලැබීය.

Related posts

අධ්‍යාපන ඇමති සුසිල් අධ්‍යාපන පරිවර්තන සමුළුවට

Mohamed Dilsad

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

Mohamed Dilsad

අතුරුදන් වූ පාසැල් සිසුවා නිවසට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment