ක්‍රීඩා

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් ක්‍රීඩාංගනයක් විවෘත වෙයි

(UTV| කටාර්) –  2022 පාපන්දු ලෝක කුසලාන තරඟමාලාව සඳහා ඉදිකෙරුණු ක්‍රීඩාංගන අතරින් දෙවැනි ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

පවතින තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය සහිත චාම් උත්සවයක් ඒ සඳහා පැවැත්වුණේ කොරෝනා මර්ධන සටනට මූලිකත්වය ගෙන කටයුතු කරන වෘත්තිකයින් ද ඇගයීමට ලක්කරමිනුයි.

කොරෝනා වසංගතය පවතින කාලසීමාවේ පවා මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ක්‍රියාත්මක වූ අතර , ඊට කැපවුණු කම්කරුවන්ද එහිදී ගෞරවාන්විතව සිහිපත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එළඹෙන පාපන්දු ලෝක කුසලාන තරඟමාලාව සඳහා කටාර් රාජ්‍යය නවතම ක්‍රීඩාංගන 7 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

Related posts

උමාර් අක්මාල්ට වසර 3 ක තහනමක්

Mohamed Dilsad

සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අද තරග බිමට

Mohamed Dilsad

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment