දේශීය

සේවය අතහැර යාමේ නියෝගය ලද පොලිස් නිළධාරින් නැවත සේවයට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා පොලිසියේ සේවය අතහැර යාමේ නියෝගය ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ එකඟතාව මත එම නිලධාරීන් කොන්දේසිවලට යටත්ව නැවත සේවයේ පිහිටුවීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ දැනට සේවය අතහැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරීන් තම අභියාචනය අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කර අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය (නීතිය හා සාමය අංශය) 14 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ජූලි 07 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතු බවයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවි මගින් ලබාගත හැකියි.

Related posts

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

දෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.

Editor O

මෙවර පෙරහැරේ කලා ශිල්පීන් සහ අලි ඇතුන් සංඛ්‍යාව අවම කරයි

Mohamed Dilsad

Leave a Comment