දේශීය

බස්නාහිර පළාතේ වැටලීම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ඊයේ (16) පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලදී 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 170ක් සිටින අතර ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 143කට අධිකයි.

ගංජා ළඟ තබා ගත් 77 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 120ක් ළඟ තබා ගත් පුද්ගලයින් 14 දෙනෙකු ද මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බවයි.

Related posts

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න : සිසුන් 51,244 ක් කඩඉම පනී

Editor O

Leave a Comment