දේශීය

හිරුනිකාට සිතාසියක්

(UTV |කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කෙරේ.

ඒ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝග කර තිබේ.

අද දිනයේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කර ඇත.

 

Related posts

මෙරට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළව ගැසට් නිවේදනයක්

Editor O

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

Editor O

Leave a Comment