දේශීය

ගම්පහට පැය 12ක් ජලය නැහැ

(UTV |කොළඹ) – හෙට(18) දිනයේ උදෑසන 9 සිට පැය 12 ක කාලයක් වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන, නාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

එමෙන්ම, කෙරවලපිටිය, මටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශය මෙන්ම, බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

Related posts

සුජීවටත් එපා වුණ දේශපාලනය

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හිටපු ජනපති සහභාගි වු උත්සවයක් නවතයි

Mohamed Dilsad

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment