දේශීය

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ අද (17) පෙනී සිටියහ.

ඒ , ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු සිදු වූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති විසින් සිදුකල පැමිණිල්ලකට අනුවයි.

පසුගියදා නිශ්ශංක සේනාධිපති මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු 17 දෙනෙකුට එම කොමිසම සිතාසි නිකුත් කළේය.

Related posts

රට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාර

Editor O

වතු හිමිකරුවන්ට ලාබ ගන්න, වතු සේවක වැටුප රජයෙන් ගෙවීම ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහගේ අදහස

Editor O

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

Leave a Comment