දේශීය

හේමසිරි සහ පූජිත්ට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

(UTV| කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉකුත් වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරි බවට ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙම පැමිණිල්ල අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් වී ඇති බව දැනුම් දී ඇත.

හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදාහැර තිබේ.

Related posts

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

Mohamed Dilsad

විදුලි බිලට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

දේවාලයට ආ පුද්ගලයාව කපුවා එලොව යවයි

Mohamed Dilsad

Leave a Comment