දේශීය

ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට

(UTV | කොළඹ) – ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දෙවන අදියරේදී බොරැල්ල සිට පිටකොටුව දක්වා ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 22 වන මෙම අදියර ආරම්භ කරන බවයි.

පසුගිය 08 වැනිදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය පළමුව ක්‍රියාත්මක කෙරුණේ මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වායි.

එමගින් මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වා බස් රථ ධාවනයේදී විනාඩි 30 ත් විනාඩි 44 ත් දක්වා කාලයක් අවම කරගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

උපකාරක පන්ති ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ – ගුරු විද්‍යාල සති දෙකකට වැසේ

Mohamed Dilsad

Leave a Comment