දේශීය

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

(UTV | කොළඹ ) – විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.

හොංකොං, රුමේනියා, පෝලන්තය සහ චෙක් ජනරජය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය එලෙස ආරම්භ වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේය.

විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් ලියාපදිංචිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එහි පළමු අදියර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල් සඳහා ශ්‍රමික ලියාපදිංචිය ආරම්භ විය.

Related posts

අද විදුලිය කැපෙන හැටි මෙන්න

Mohamed Dilsad

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment