දේශීයව්‍යාපාරික

තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

(UTV | කොළඹ ) – ඊයේ (17) රැස්වු කැබිනට් මණ්ඩලයේ දී ගත් තීරණයක් මත තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ අභියෝග රැසකි.

ඒ අතර තේ කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, බොහෝ තේ ආනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කළමනාකරණයේ ගැටලු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන වේ.

මෙකී දුෂ්කරතාවයන් හමුවේ තේ කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය සහනයක් ලෙස, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට තාවකාලිකව අත්හිටවනු ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කර තිබේ.

Related posts

පොසොන් පෝයට දන්සල් 4,600ක් සහ පොසොන් තොරණ 296ක් රට පුරා.

Editor O

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment