දේශීය

දරු දිරි සම්පත ලොතරැයි පත මුද්‍රණ කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් දිනුම් අදිනු ලබන ‘දරු දිරි සම්පත’ නව ලොතරැයි පත මුද්‍රණය කර සැපයීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති මුද්‍රණ කොන්ත්‍රාත්තුවේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ සඳහා වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

‘දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල’ ශක්තිමත් කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘දරු දිරි සම්පත’ ලොතරැයිය මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය මේ වසරේ මැයි 12 වනදායින් අවසන් වී තිබේ.

එම කාලසීමාවෙන් අනතුරුව සුදුසු මුද්‍රණකරුවකු තෝරා ගැනීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් මේ දක්වා අවසන් කර ගැනීමට හැකියාව ලැබී නොමැත.

එනිසා ලොතරැයි පත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව මුලින් එකඟ වී ඇති පිරිවිතරයන් හා මිල ගණන් යටතේම 2020-05-13 දින සිට 2020 11-12 දින දක්වා මාස 06 ක කාලයක් සඳහා තවදුරටත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින්ම ඉටු කරවා ගැනීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

තෙවන පාර්ශවයක පරීක්ෂාවකින් පසුවත් චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment