දේශීය

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධික වත්කම් සා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සජින් වාස් ගුණවර්ධන විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Related posts

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

තැබෑරුම් බලපත්‍රවලින් රාජ්‍ය ආදායම වැඩිවුණා.එන අවුරුද්දේ තව බලපත්‍ර 300ක් දෙන්න සැලසුම් කර තිබුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment