විදෙස්

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය නවතා දමයි

(UTV | ඇමරිකාව) –  ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යටින් දිවෙන දත්ත කේබල ව්‍යාපෘතියක් අතහැර දැමීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය විසින් දත්ත සොරාගනු ඇති බවට වන අවධානම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

පැසිෆික් ලයිට් නම් මෙම කේබල ව්‍යාපෘතියට ගූගල් සහ ෆේස්බුක් ආයතන විසින්ද දායකත්වය සපයන බවට සඳහන් වන අතර , අන්තර්ජාල වේගය සහ ධාරිතාවය ඉහළ නැංවීම එහි ප්‍රධාන අරමුණ විය.

කෙසේවෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු මත පදනම්ව මෙම ව්‍යාපෘතිය අතහැර දමන බව අමෙරිකාව සඳහන් කර තිබේ.

එමෙන්ම , ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ජනාධිපති ෂී ජිංපින් ගේ සහය ලබාගැනීමට උත්සාහ කල බව ඇමරිකා ජනාධිපතිවරයාගේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් රචිත නවතම ග්‍රන්ථයෙහි ඇතුළත් කර තිබේ.

පිටු 577 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා රැසක් පිළිබඳ හෙළිදරව් කිරීම් අන්තර්ගතව ඇත.

Related posts

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

Mohamed Dilsad

83 දෙනෙකු රැගත් ඇෆ්ගනිස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

Mohamed Dilsad

රහස් ලිපිගොණු රැසක් CIA ය අන්තර්ජාලයට මුදාහරී

Mohamed Dilsad

Leave a Comment