දේශීය

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

(UTV| රාගම) –  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිලාගේ සබීත දිනේෂ් හෙවත් සබීත යන තැනැත්තාව ඊයේ (17) දිනයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රාගම – හොරපේ දුම්රියපොළ ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා තොගයක් මෙන්ම මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු රාගම ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයකට අදාළව ගම්පහ මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටින සැකකරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

 

Related posts

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

Leave a Comment