දේශීය

ලක්ෂ 4900 ක බැංකු ගිණුමේ හිමිකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(UTV| කොළඹ) – මත්කුඩු ජාවාරම හරහා උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 4900 ක මුදලක් පරිහරණය වී තිබූ බැංකු ගිණුමේ හිමිකරු දින 7 ක් රඳවා ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණයකට අදාලව අවශ්‍යව සිටි මෙම සැකකරු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (18) පෙරවරුවේයි.

ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් ඉමෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයින් වෙත හෙරොයින් ඛෙදාහැරීම සිදුකරන බවත් එම ජාවාරමෙන් උපයාගන්නා මුදල් ඔවුන් විසින් බැංකු ගිණුමක් වෙත බැර කරන බවත් අනාවරණ විය.

අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී එම ගිණුම ඔස්සේ රුපියල් ලක්ෂ හාරදහස් නවසියයක පමණ මුදලක් පරිහරනය වී ඇතැයි අනාවරණ වී ඇති අතර , එම බැංකු ගිණුම හිමි තැනැත්තා ඊයේ දින නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයි

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා කන්දකාඩු වෙත ගෙන යයි

Mohamed Dilsad

Leave a Comment