දේශීය

පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කර ගනී

(UTV | කොළඹ ) – කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇත.

සියදිවි හානිකර ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

හෙට වෛද්‍ය වර්ජනයක්

Mohamed Dilsad

මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ශෝකය පළ කරයි.

Editor O

Leave a Comment