දේශීය

වැලිසර කඳවුර විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ලබන සතියේ සිට අදියර කිහිපයක් යටතේ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාල ලිපිය ඊයේ (19) දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නාවික හමුදාපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 මීගමුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, “කුඩු” විදුහල්පති සැමියා ට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment