දේශීය

දින 14 ක් තුළ සිදුකල වැටලීම් වලින් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලීසිය විසින් දිවයින පුරා ගත වූ සති 2 තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය 06 වැනිදා සිට ඊයේ (20) මධ්‍යම රාත්‍රිය දක්වා දිවයිනේ පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකළ බවය.

එහිදී හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත සැකකරුවන් 6,820 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අදාළ කාලය තුළ වරෙන්තුකරුවන් 5110 දෙනෙකු සහ වෙනත් වැරදිවලට අදාළව සැකකරුවන් 8750 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති ආණ්ඩුවේ ප්‍රතිඵළ සැප්තැම්බර් 21 වෙනිදා වන විට නිකුත් වේවි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Editor O

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment