ක්‍රීඩා

ක්‍රිකට් පාවාදීම ගැන ICCයේ සැලසුම්

(UTV |කොළඹ ) – 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයෙන් රටේම අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ.

නමුත් මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කිසිවෙකු හෝ සිදුකර නොමැති බව ICC  ආරංචි මාර්ග පවසයි.

ICCහි මාධ්‍ය ප්‍රකාශක රාජ් ශංකර් රා ඕ පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණයක් සිදුකිරීමට හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් බලාපොරොත්තු වන බවයි.

එමගින් හෙළි කර ගන්නා කරුණු අනුව අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

Related posts

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment