(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
ඒ එම බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළවය.
අප කල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ මෙලෙස සේවය අත්හිටවනු ලැබුවේ බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ බවයි.
මොහු මීට පෙර ද මෙලෙසම රැඳවියන්ට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.