දේශීයප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

(UTV| කොළඹ) –  මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම අද (23) දිනයේ සිට ආරම්භ වීමට නියමිතය.

අදාළ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුයි.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේය.

මෙම කමිටුවේ වාර්තාව දින 14 ක් ඇතුළත ලබාදිය යුතු වෙයි.

Related posts

අනුර සේනානායක ඇප මත නිදහස්

Mohamed Dilsad

කූඨ ලේඛන සමග මෙරටට ඇතුළුවීමට ගිය දෙදෙනෙක් ආපසු හරවා යවයි

Mohamed Dilsad

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

Leave a Comment