දේශීය

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

(UTV | කොළඹ ) – මෙවර 09 වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කරමින් තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එම පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව ඊයේ (22) ඊට ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේදී පැවැත්විය.

ඒ, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල යන අයගේ සහභාගිත්වයෙනි.

කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොදු ජනතාවට පාර්ලිමේන්තු පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි වේ.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පවා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව කාරක සභා රැස්වීම්වලට සම්බන්ධවීමේ තාක්ෂණික කටයුතු සැලසුම් කරමින් ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

Related posts

කථානායකගේ කමිටුවේ වාර්තාවට පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයේ විරෝධයක්

Editor O

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment