දේශීය

කැළණිය සරසවියේ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 24 වන දින විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවි කර තිබූ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා ඊට හානි කර තිබුණි.

Related posts

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

Mohamed Dilsad

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment