දේශීය

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වේ

(UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.

ඊයේ (22) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුවේ සාක්ෂි විභාගය දැනටමත් ආරම්භ වී තිබෙන අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

Related posts

අයවැය ගැන තීරණයක් ගන්න නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යළි ගෙන්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment