ගොසිප්

සුශාන්ත්ගේ ට්විටර් සටහනේ තිබු අමුතු සිහින

(UTV | ඉන්දියාව ) – සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමත් සමඟ ලොව ප්‍රසිද්ධ චරිත මෙලෙස සිය දිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

මෙම සියදිවි හානිකර ගැනීමට පාදක වී ඇති හේතූන් පිළිබඳවද ජනතාව අතර බෙහෙවින් කතා බහට ලක්වේ.

තවමත් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර ඇත්තේ මෑතකදී සියදිවි හානිකර ගත් සුශාන්ත් සිං ගේ මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙනි.

මේ අතර සියදිවි හානිකරගැනීමට තරම් පැහැදිලි වූ හේතුවක් මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකිව ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කරයි.

නමුත් ඔහුගේ පසුගිය ට්විටර් සටහනක් වෙත ඉන්දීය රසික රසිකාවියන්ගේ අවධානය යොමුව තිබේ.

ඔහුගේ එම ට්විටර් සටහනේ සඳහන්ව ඇත්තේ ජීවිත කාලය තුළ සපුරාගත යුතු ඔහුගේ සිහිනයන් 50 සම්බන්ධවය.ඒවා නම්,

ගුවන් යානයක් පියාසරකරවීම ඉගෙනගැනීම, අයන්මෑන් තරඟයට පුහුණු වීම, වමතින් ක්‍රිකට් ක්‍රිඩා කිරීම ,මෝර්ස් සංඥා ක්‍රමය ඉගෙන ගැනීම, ළමයින්ට අභ්‍යවකාශය ගැන ඉගැන්වීම, චැම්පියන් කෙනෙකු සමඟ ටෙනිස් ක්‍රිඩා කිරීම, ෆෝ ක්ලැප් පුෂ් අප්ස් පුහුණු වීම, චන්ද්‍රයා, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සතියක් තිස්සේ නිරීක්ෂණය කිරීම,ගැඹුරු අගාධයක කිමිදීම, විද්‍යාත්මක පරීක්ෂණයකට සහභාගි වීම, පැල 1000 ක් සිටුවීම, දිල්ලියේ ඉංජිනේරු විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැන්දෑවක් ගත කිරීම, ළමයින් සිය දෙනෙකු නාසා ආයතනයේ වැඩමුළුවලට යැවීම, කෛලාසකූටයේ භාවනා කිරීම, චැම්පියන් කෙනෙකු සමඟ පෝකර් සෙල්ලම් කිරීම,
ජීවයේ කුඩාම අංශු පිළිබඳවත් මහා පරිමාණයෙන් අධ්‍යයනය කළ හැකි ලෝකයේ විශාලතම ආයතනයට යාම, සුළඟක රැස් වළල්ලක් පාට කිරීම, තවත් නාසා වැඩ මුළුවකට සහභාගි වීම, පොතක් ලිවීම, මාස හයකින් සික්ස් පැක් වර්ධනය කර ගැනීම, ගැඹුරු ස්වභාවික වළවල්වල පිහිනීම, දෘශ්‍යාබාධිතයන්ට සංඥා භාෂාව ඉගැන්වීම, කැලෑවක සතියක් ගත කිරීම, වේද ජ්‍යොතිෂය ඉගෙන ගැනීම, ඩිස්නිලන්තයට යාම,
ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට යාම, අශ්වයෙකු ඇතිදැඩි කිරීම, අඩුම වශයෙන් නැටුම් විලාශ දහයක්වත් ඉගෙන ගැනීම, නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් හඬ නැඟීම, ප්‍රබල අණ්වීක්ෂයකින් මන්දාකිණිය නැරඹීම, ක්‍රියා යෝග ඉගෙන ගැනීම, ඇන්ටාර්ටිකාවට යාම, කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වීම, ක්‍රියාත්මක ගිනි කන්දක් රූගත කිරීම, කුඩා දරුවන්ට නැටුම් ඉගැන්වීම, දෑතම හුරු දුනුවායෙකු වීම, චාලි රෙස්නික් ගේ පොත් මාලාවම එක දිගට කියැවීම, පොලිනීසියානු තාරකා විද්‍යාව ඉගෙන ගැනීම, ලැම්බෝගිනියක් හිමි කර ගැනීම, වියානාවේ ශාන්ත ස්ටෙෆන් දේවස්ථානයට යාම, කම්පන තරංග ගැන කෙරෙන පරීක්ෂණයකට සහභාගි වීම, ඉන්දියානු ආරක්ෂක හමුදාවට ඇතුළු වෙන්නට සූදානම් වෙන සිසුන්ට උදව් කිරීම, කැමති ගීත පනහක ගිටාර් කෝඞ් හැදෑරීම, චැම්පියන් කෙනෙකු සමඟ චෙස් ක්‍රීඩා කිරීම, ස්වාමි විවේකානන්ද පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සකස් කිරීම, මුහුදේ රළ මතු පිට වේගයෙන් ඇදී යන සර්ෆ් ක්‍රීඩාව පුහුණු වීම, ගණිත දර්ශක තාක්ෂණය හැදෑරීම, කැපොයිරා සටන් ක්‍රමය ඉගෙන ගැනීම, යුරෝපය පුරා දුම්රියකින් සංචාරය කිරීම, ක්‍රමානුකූලව ගොවිපොළක් පවත්වාගෙන යන්නට ඉගෙන ගැනීම.

නමුත් එම සිහින 50න් ඔහුට සැබෑ කිරීම හැකි වූ ගණන දන්නේ ඔහු පමණි.

ඔහු අවසනාවන්ත ලෙස සියදිවි හානිකරගන්නේ කලක් පීඩා විඳි මානසික ආතතිය හේතුවෙන් බවද ඇතැමුන් පවසයි.

Related posts

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

Mohamed Dilsad

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

Mohamed Dilsad

අභයාරාමාධිපතිගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

Mohamed Dilsad

Leave a Comment