දේශීය

දිවයිනට පැමිණෙන සංචාරකයන් නවාතැන් ගත යුතු ස්ථාන ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ) –  ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

මෙලෙස ලියාපදිංචි නොවූ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20 ,000 ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වේ.

මේ හේතුවෙන් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ සංචාරක සංවර්ධන අධිකාරිය මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංචාරක හෝටල් නිවාස අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අගෝස්තු මස 01 වෙනි දා සිට දිවයිනට පැමිණෙන සියලු සංචාරකයන් ඔවුන් මෙහි රැදී සිටින කාලය තුළ PCR පරීක්ෂණ 03 කට ලක්කෙරේ.

මීට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් එම සංචාරකයන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment