දේශීයප්‍රමුඛ පුවත 1

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රේල් මස 27 වෙනිදා වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර නැවතත් විවෘත කර තිබේ.

පළමු අධියර යටතේ කඳවුරේ එක් කොටසක් පමණක් විවෘත කර ඇති අතර අනතුරුව පියවරෙන් පියවර සමස්ත වැලිසර නාවික හමුදා කඳවුරම විවෘත කිරීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් කොරෝනා වෛරසයේ බලපෑමක් නොමැති බවට නාවික හමුදාපතිවරයාට සිදුකළ ලිඛිත තහවුරු කිරිමෙන් අනතුරුවයි මෙලෙස වැලිසර කඳවුර යළි විවෘත කර ඇත.

කොවිඩ්19 වෛරසය ආසාධනය වී සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාවික හමුදා සාමාජිකයන් 115 දෙනෙකු පමණි.

Related posts

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

Mohamed Dilsad

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

පැතුම් කර්නර් ට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment