දේශීයව්‍යාපාරික

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

(UTV | කොළඹ) – ගම්මිරිස් වගාව නගාසිටුවීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් අසූ පන්දහසක මුදල් ආධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී .හීන්කෙන්ද මහතා පැවසීය.

ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගොවීන්ට සිදුව ඇති අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අදාළ තීරණයට එළැඹ ඇත.

රුපියල් 130 දක්වා පහත වැටීම වියළි ගම්මිරිස් සඳහා කිලෝවක් රුපියල් 450 ත් හාරසිය අසූවක් දක්වා පහත වැටීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන්කර සිටියේය.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි ගම්මිරිස් වගා හෙක්ටයාර් එකක් සඳහා රුපියල් අසූ පන්දහසක මුදල් ආධාර ලබාදීම ඒ අනුව එක පැලයකට රුපියල් 50 ක පමණ මුදලක් රජය වියදම් කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තම බල ප්‍රදේශයේ අපනයනය කෘෂිකර්ම කාර්යාලයට ගොස් මේ පිළිබඳව ලියාපදිංචි විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

Editor O

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

Mohamed Dilsad

Leave a Comment