දේශීය

තරුණියක් සිරුරට ගිනි තබා ගැනීමෙන් මරුට

(UTV |යාපනය) –  තරුණියක් තම සිරුරට ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, පුත්තූර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අච්චුවේලි පොලිසිය පැවසුවේ ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් තරුණියක් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.

අවුරුදු 23 ක තරුණියක් පසුගිය 21 වැනිදා සිරුරට ගින තබාගෙන රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) ඇය ජිවිතක්ෂයට පත්ව තිබේ.

අච්චුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගෆුර් ගොඩනැගිල්ලේ සියලු නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට පෙරවරුවේ ඉවතට

Mohamed Dilsad

Leave a Comment