දේශීය

පානදුර වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

(UTV | කොළඹ ) – අද (24) දහවල්කාන්තා මළ සිරුරක් පානදුර මුහුදු වෙරළ තීරයේ පාවෙමින් තිබීයදී හමුවී ඇත.

ජීවිතාරක්ෂක රාජකාරියේ නියුතු නාවික හමුදා සෙබළෙක් තම මුරපොළට ආසන්නයේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ගොඩට ගෙන තිබේ.

මළ සිරුර පාවෙමින් තිබූ ස්ථානයට ආසන්නයේ තිබී ඇයගේ බවට සැක සිතිය හැකි පසුම්බියක් , වැඩිහිටි හැඳුනුම්පතක් සහිත කුඩා බෑගයක් සහ පාවහන් යුවලක්ද තිබී හමුවී ඇත.

හැඳුනුම්පතට අනුව අදාළ කාන්තාව පානදුර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි බවට සැකකරන බවත් පොලීසිය පවසයි.

පානදුර පොලිස් අපරාධ අංශ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

‘කාන්තා හඬ’ සමුළුව මහනුවරදී සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment