දේශීය

MCC සමාලෝචන කමිටු අවසන් වාර්තාව අගමැති වෙත

(UTV | කොළඹ) – ‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී. 

හෙට (25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

Mohamed Dilsad

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment