දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

(UTV |කොළඹ ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද අවසන් වෙමින් පවතින බව මුද්‍රණාලයාධිපතිනි සඳහන් කළාය.

Related posts

මිලියනයකට අධික හෙරොයින් සමග කාන්තාවන් 3ක් අල්ලයි

Mohamed Dilsad

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

Mohamed Dilsad

Leave a Comment