දේශීය

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට

(UTV | කොළඹ)  – රටවල් කිහිපයක සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (25) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිටය.

එසේ පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණ සිදුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සුදානම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ඊයේ (24) දිනයේ දී දෝහා සිට QR 668 දරණ මගී ගුවන් යානයෙන් පුද්ගලයින් තිදෙනෙක්, ලන්ඩන් සිට පැමිණි UL 504 දරණ ගුවන් යානය මඟින් පුද්ගලයින් 154 දෙනෙක් , මාලදිවයිනේ සිට පැමිණි UL 1402 දරණ ගුවන් යානයෙන් මගීන් 169 දෙනෙක් සහ සිංගප්පූරුවේ සිට UL 303 දරණ ගුවන් යානයෙන් මගීන් 94 දෙනෙක් දිවයිනට පැමිණ ඇත.

ඊයේ වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 4, 223 ක් නිරෝධායන වෙමින් සිටී.

Related posts

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

Mohamed Dilsad

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment