විදෙස්

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

(UTV | කොවිඩ් 19) – ඕස්ට්‍රේලියානු රජය විසින් එරට දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ යළිත් වරක් එරට කොරෝනා ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමකට පැමිණීමට හේතුවෙන්.

පළමු අදියරේදී සෙබලුන් 1000 ක පිරිසක් යොදවා ඇති අතර , දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් නිරීක්ෂණය ඇතුලු වගකීම් කිහිපයක් ඔවුන්ට පවරා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ගතවූ පැය 24 තුළදී මෙල්බර්න් නගරයද අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවි -19 ආසාදිතයන් සංඛ්‍යාව 33 ක්.

Related posts

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

ශෂී කපූර්ගේ අභාවයට ඉන්දීය අගමැතිගේ ශෝකය

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment