ක්‍රීඩා

MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සභාපති ධුරයට

(UTV | එංගලන්තය) – එංගලන්තයේ සුප්‍රකට MCC ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපති ධුරයට එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් යෝජනා වී ඇත.

මෙම ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් ඇය මෙම තනතුර සඳහා යෝජනා කර තිබේ.

ක්ලෙයාර් කොනර් වසර 233 ක MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ එහි සභාපති ධුරයට පත්වන පළමු කාන්තාව වීමද විශේෂත්වයක්.

කුමාර් සංගක්කාර ලබන වසරේ ඔක්තෝබර් 01 වනදා තෙක් MCC සභාපති ධුරය දරන අතර ක්ලෙයාර් කොනර් එදින සිට නව සභාපතිනිය ලෙස කටයුතු කරනු ඇත.

Related posts

ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

Mohamed Dilsad

ආසියානු කාන්තා ක්‍රිකට් කවුන්සිල අවසන් තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment