දේශීය

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩු විභාගය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ , 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මහාධිකරණ නඩු විභාගය අත්හිටවනු ඇති.

Related posts

ඖෂධ 300ක හිඟයක්

Editor O

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment